Mayada-මයාඩා
රු912.00
පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ්‍යය පරිහානියට පත් විය. අධිරාජ්‍ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිකරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වූ හ. සුන්නි මුස්ලිම්වරුන් ගේ ආශ්‍රය බ්‍රිතාන්‍යයන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වූ ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උපක්‍රම යෙදිණි.
මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂී පුද්ගලයකු වූ මයාඩා ගේ පියාගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ. වී. ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ්‍ය බිඳ හෙළුවේ ය. මයාඩා ගේ මව ගේ පියා සාති අල් හුස්රි, අරාබි ලොව ම පිළිගත් බුද්ධිමතෙක් විය. අරාබි දේශය පාලනය කරනු ලැබිය යුත්තේ අරාබීන් විසින්ම බව පළමු වරට පැසුවේ ඔහු ය.
මුතුන් මිත්තන් මෙන් මයාඩා ද සුන්නි මුස්ලිම් කාන්තාවකි. මයාඩා ගේ මුල් නිවස හැඳින්වූයේ දේශපාලන නිවස යනුවෙනි. 1968 පසු බාත් පක්ෂය බලයට පැමිණියේය. මයාඩා ගේ පවුලේ වැඩිහිටියන් දේශපාලන බලයෙන් ඉවත් කෙරිණි. එසේ වුවද මයාඩාගේ පවුලේ සාමාජිකයෝ බැග්ඩෑඩයෙහිම ජීවත් වූහ.
මයාඩා උපන්නේ හැදුණේ වැඩුණේ ඉරාකයෙහි ය. ඈ පුවත් පතක වාර්තාකාරියක ලෙස සේවය කළාය. ඇය විවාහ වූයේ ද ඉරාක ජාතිකයකු සමඟිනි. ඉරාකයේ දී ඈ දරුවන් දෙදෙනකු ලද්දා ය. ඉරාක -ඉරාන යුද්ධය, ගල්ෆ් යුද්ධය ආදියට මුහුණ දී සිටිය ද ඇය ඉරාකයේම ජීවත් වීමට සිතා – ගත්තේ කුඩා කල සිට ම ජීවත් වූ ජන්ම භූමියට ආදරය කළ නිසාය.









Reviews
There are no reviews yet.