Keheli.lk

10% OFF

1925

රු1,485.00

2016 වසර…

සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්. කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්. එම සිහින තුළින් දිස්වන ඉතිහාස කථාන්තරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළසිරුර කාගේද?

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කල 1920 දශකය…

දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්, මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්…
මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බදු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද?
සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?

Reviews

There are no reviews yet.

Be the first to review “1925”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat