Keheli.lk

15% OFF

Bherunda Kadalla-භේරුණ්ඩ කැදැල්ල

රු1,190.00

*** 2021 ස්වර්ණ පුස්තක සම්සම්මානය දිනූ නවකතාව ***

නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විට ම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇගමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි. නිකිතා ඇඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත දී සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළග දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද, තොල් පෙතිවල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි. ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිනි පුපුරු මෙන් දිලුණු සරෝජිනී ගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩු යටිකුරු වී නිකිතා ගේ අරුංගල්වල, ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබිණැයි මට සිතිණි…….’

Reviews

There are no reviews yet.

Be the first to review “Bherunda Kadalla-භේරුණ්ඩ කැදැල්ල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat