Minis Weledama – මිනිස් වෙළෙඳාම
රු562.50
‘දේශාන්තර සංවිධානාත්මක’ (transnational organized) අපරාධ ගණයෙහි ලා ගැනෙන ‘ මිනිස් වෙළෙඳාම’ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් සේ ප්‍රකාශිත මෙහි අන්තර්ගතයට පාදක වනුයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශානි රණවිර මෙණෙවියගේ දර්ශනපති උපාධි නිබන්ධය වේ. පරිච්ඡේද නවයක් ඇතුළත් මෙහි සංගහනය වූයේ මිනිස් වෙළෙඳාමෙහි හිංසිතයෝය. ඒ අනුසාරයෙන් ඒකරාශී කරනු ලැබූ ප්‍රාථමික දත්ත මඟින් අනාවරණය වූයේ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතික සාධක ද මිනිස් වෙළෙඳාමෙහි වින්දිත භාවයට දායක වූ බව ය. එමෙන් ම පුනර් වින්දිත භාවයෙන් (revictimization) මිදීමට ඉවහල් වන්නා වූ මාර්ගෝපදේශයන් සඳහන් වීම ද මෙකී කෘතියෙහි ආනුභවික අගය ඉස්මතු කරලීමට දායක වේ. දහසක් අභියෝග මැඬලමින්, කාලීන මෙන්ම විෂයීය වටිනාකමින් හෙබි මෙම ප්‍රකාශනය ශ්‍රී ලාංකේය ‘අපරාධ විද්‍යා සාහිත්‍යයෙහි ඌන පුරණයක් සේ පාඨක ඔබ අතට පත් කිරීමට හැකිවීම පිළිබඳ මාගේ හෘදයංගම සුභාසිංසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශානි රණවීර මෙණෙවියට පුද කරලීමට කැමැත්තෙමි.






Reviews
There are no reviews yet.