Keheli.lk

15% OFF

Piyasirige pasal samaya-පියසිරිගේ පාසල් සමය

රු153.00

Category: Author: Publisher:

මගේ ළමා කාලය ගත වුයේ පිටිසර ය. එහෙයින් පාසල් සමයෙහි කියවන්නට ලැබෙන්නේ පිටිසර විත්හි හා පිටිසරයන් පිළිබඳ තොරතුරු ය. මගේ ළමා වියෙහි පිටිසරක් වත්මන් පිරිසරත් අහසට පොළොව මෙන් වෙනස් ය. එකල දන් මෙන් නගරයත් පිටිසරත් ඒකාබද්ධ වීමෙක් නො විය. යම් හෙයකින් එසේ වී නම් ඒ ඉතා කලාතුරකිනි. දැනට නාගරික භාවයෙන් කිලිටි නොවූ පිටිසරක් සොයා ගැනීම මඩ නැති පොකුණක් සොයා ගැනීම තරම් අමාරුය.

අවුරුදු හතළිහකට පමණ පෙර දකින්නට ලැබුණු නිර්මල ප්‍රත්‍යන්තයක් ලක් දිව කොයි පෙදෙසක වත් යළිත් ඇති වන්නේයයි මම නො සිතමි. එ හෙයින් එ කල විත්ති ස්වල්පයක් සටහන් කර තැබීම මගේ මේ ප්‍රයත්නයෙහි පරමාර්ථය වන්නේ ය. පිටිසර සිරිය විඳුමෙහි ආසා ඇත්තවුන්ගේ මන දොළ පිරුණොත් මගේ ප්‍රයත්නයෙහි අභිමාතාර්ථය ලැබුණා නම් වන්නේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Piyasirige pasal samaya-පියසිරිගේ පාසල් සමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat