Keheli.lk

15% OFF

Bashma-භස්ම

රු1,147.50

කර්සන් !

බ්ලැන්කේට්ටුව. සෙමින් පහත් කරන ලදී. එම භයානක තත්ත්වය තේරුම් ගත නොහැකිව මම එ දෙසට දිව ගියෙමි. එම දුර ප්‍රමාණය පියවර විස්සකට වැඩි නො වූ නමුත්, මුහුදු පතුල හරහා දුවන මෙන්, ඔහුට ළඟා වීම සඳහා දිගු කලක් ගත වූ බව දැනිණි.

මම දණින් වැටුණෙමි. ඔහුගේ ශීතල ශරීරයෙන් නිකුත් වූයේ, සතුන් මරන ස්ථානයක පවතින වැනි දුගඳකි. මගේ හදවත නතර විය. මම ඔහුගේ මුහුණ, මගේ අත් මත හොවා ගත්තෙමි, මගේ කටහඬ, කඩතොලු විය.

“කර්සන්, ඔයා මැරිල නැහැ.” මම කැගැසුවෙමි. “අනේ! මැරෙන්න එපා” ඔහුගේ හුස්මෙහි උණුසුම මගේ කම්මුලට දැනෙන පරිදි, මම ඔහුට හේත්තු වීමි. මගේ කඳුළු ඔහුගේ මුහුණ මත වැගිරිණි. ඔහුගේ හෘද ස්පන්දනය දැන ගැනීම සඳහා ඔහුගේ පපුව ස්පර්ශ කළෙමි.

“මාව අත් හැර දමලා යන්න එපා!” මම මිමිනුවෙමි.

ඔහුගේ හෘද ස්පන්දනයෙහි සිහින් හඬ, මගේ ඇඟිලි තුඩු වලට දැනිණි. ඔහු, ඇසිපිය ගසමින්, වෙළුම් පටි යොදා නොතිබුණු අත ඔසවා. මගේ මුහුණ ස්පර්ශ කළේය.

“හලෝ පිට්සර් !” ඔහු මිමිනී ය.

මගේ හදවත. සූර්යාලෝකයෙන් පිරි ගියේ ය. මම ඔහුගේ අත අල්ලා ගත්තෙමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bashma-භස්ම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat