Wapankulo – වාපංකූලෝ
රු765.00
ශ්‍රී ලංකාව තුළ සීමා මායිම් බිඳලමින් සංචරණය කරන දරුණු ආර්ථික හා දේශපාලනික හැල හැප්පීම් හමුවේ වර්තමානය වන විට තාරුණ්‍යයේ සිහින ඇස් පනාපිට ම මිරිඟුවක මෙන් පෙනී නොපෙනී යන අභාග්‍යකට මුහුණපාමින් හිඳී. එම නිසා සමස්ත තරුණ පරපුර තුළ ම ඇත්තේ එකම හීනයක් පමණි. එනම් කෙසේ හෝ මේ රට හැර ගොස් විදේශ රටක පදිංචි වීමට හෝ රැකියාවක් කර මුදල් සොයා ගැනීමට ය. ඒ එතෙර පියාසර කිරීමේ සිහිනය හේතුවෙන් ම බොහොමයක් තරුණ පිරිස් නීතයානුකූල නොවන මාර්ගයන් හරහා ද දියුණු විදේශ රටවල් කරා පියැඹීමේ ප්‍රවණතාවයක් ද ඇත. ඒ අතරින් ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය ප්‍රධාන තැනක් ගනී.
නීති විරෝධී ලෙස රටකින් රටකට යන දුෂ්කර ගමනේදී සත්‍ය සිදුවීම් සමඟ මෙම කතාංගය දිගහැරෙන්නේ තම දිවි සැරිය නිම කරන තුරවට දකින්නා වූ සිහින,අපේක්ෂා මෙන්ම ආදරය ද වෙනුවෙන් දිවි පරදුවට තබා ඉතාලිය කරා යන තරුණයින් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපී වූ හුස්ම රටා හමුවේ ය….!









Reviews
There are no reviews yet.