10% OFF
Sagau diyani-සැඟවූ දියණි
රු648.00
කදුලු පිසදාගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතම්ගේ අත අල්ලා ගත්තාය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අතර නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මඟින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර්යයක් වෙමිනි. “මගේ නංගි, නයනා, ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ කොණ්ඩෙ කර්ලි, මුදු වගේ. පැහැපත්,, හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නැ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි. පිනි බිඳුවක් වගේ පිරිසිදුයි..” සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේ ය. ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේ ය. එසේ වුවද ඇය මෙතැතට සම්බන්ධ වන්නට ඉඩක් නැත.









Reviews
There are no reviews yet.