Kasthuri muwekuge bugola vidya potha-කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යා පොත
රු495.00
ඉස්සර මං කවි හොයාගෙන ගියා. දැන් ශෝෂල් මීඩියා කාළේ කව් මාව හොයාගෙන එනවා. එහෙම හොයාගෙන එන කවි අතර කුමාරගේ කවියක් හැමදාම වගේ එනවා, මට වෙලාවකට බයත් හිතෙනවා. හැමදාම බලෙන් වගේ මාව හොයාගෙන එන කුමාරගේ කවියක් නීරස වෙයිද කියලා. පුදුමේ කියන්නේ එහෙම නෑ. ඒ කවි සංකල්පනා හැමදාම නැවුම්. කවි බස එදා වගේම තරුණයි. කොයිතරම් කර්කශ තේමාවක උනත් යම්කිසි හාස්‍යයක් ගැබ් වෙනවා. ඒ කවි පන්තියක් ඇතුළට පැරණි සාහිත්‍යයෙන්, නූතන විද්‍යාවෙත්, අද්‍යතන දේශපාලකයෙන් උපුටා ගත් දැනුම කොයි තරම් සූක්ෂම ලෙස ඇතුළත් වෙනවාද කියන එක විස්මය ජනකයි.
අශෝක හඳගම
කුමාර හෙට්ටිආරච්චිගේ කවිය පිය තබා යන්නේ සිතිය නොහැකි තරම් අවදානම් මංකඩක් දිගේය. එක පැත්තකින් විප්‍රකාර වදනේ බිහිසුණු ප්රපාතයයි. අනෙක් පැත්තෙන් දෛනික ඒකාකාරිත්වයේ මඩ ගොහොරුවයි. ඔහුගේ කවිය මේ දෙකටම නොවැටී මනරංජන නිර්මාණශීලිත්වයේ සිහින් මංපෙත දිගේ ඇවිද එන්නේය. ඔහු මේ විජ්ජාව කරන්නේ සාමාන්‍යයෙන් එකිනෙක හා මුණ නොගැසෙන (චිරන්තන සාහිත්‍යයේ/නාගරික වීදියේ /නූතන විද්‍යාවේ/ ගම් මණ්ඩියේ වැනි) භාෂා භූමින් වෙතින් උදුරා ගන්නා සංකල්ප අරුම ආකාරයට එකට තැබීමෙනි. එවිට සිදුවන කාව්‍යාත්මක පිපිරීම් කවියාටවත් පුරෝකථනය කළ හැකිදැයි නොදනිමි.
සුනිල් විජේසිරිවර්ධන










Reviews
There are no reviews yet.