Keheli.lk

20% OFF

Mari qurie-මාරි කියුරි

රු640.00

ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විද්‍යාඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරීමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි.

ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වු රේඩියම් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ මෙන්ම ජීවිතයේ සහකරුවා වූ පියරි කියුරි යෝජනා කළ විට ඇය එය බැහැර කළාය. විද්‍යා දැනුම කිසි විටෙකත් පෞද්ගලිකව අයිති කර නොගත යුතු පොදු දේපොළක් බව ඇය තරයේ විශ්වාස කළාය. තමා ගේ සහ තම සැමියාගේ සොයා ගැනීම ඔවුන් ගත කළ අගහිග කමින් පිරුණු ජීවිතයෙන් ගොඩ ඒමට ඉණිමගක් කර ගැනීමට ඇය සිතුවේ නැත.

ඇය වැනි ම ලෝ ප්‍රකට විද්‍යාඥයෙකු වන ඇල්බට් අයිස්ටයින් ඇය හැඳින් වූයේ මෙසේය. සියලු ප්‍රකට පුද්ගලයන් අතුරෙන් ප්‍රසිද්ධියෙන් උදම් නොවු එකම පුද්ගලයා මාරි කියුරීය. අපිස් සහජ එමෙන්ම තම පුදුමාකාර ඉරණම ගැන කොහෙත්ම නොදත් ඇය තම ජීවිතය තුළ අමුත්තෙකු සේ සැරි සැරුවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Mari qurie-මාරි කියුරි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat