Lagadima thiragatha nowe ( dinapothaka satahan )- ළඟදීම තිරගත නොවේ (දිනපොතක සටහන් )
රු540.00
දිනපොතක පිටු අතර සිය ජීවිතය ගෙත්තම් කළ නිර්ව්‍යාජ කාන්තාවෝ ලෝක සාහිත්‍යයේ බොහෝ වෙත්. දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ ඇමිස්ටඩැමි නගරයේ, මහල් නිවාසයක සැඟව සිටි ඇන් ෆ්‍රෑන්ක් නම් 13 හැවිරිදි යුවතිය සිය දිනපොතෙහි තැබූ සටහන් 20 වැනි සියවසේ සංවේදීම ජීවන සටහන් සමුදාය ලෙස සැලකේ. රුසියානු මහා සාහිත්‍යකරු ලියෝ ටෝල්ස්ටෝයිගේ බිරිඳ සොෆියා ටෝල්ස්ටෝයි සිය දිනපොතේ තැබූ සටහන් මහා ලේඛකයාගේ ජීවිතය ද, රුසියානු ජන සමාජයද කදිමට චිත්‍රණය කරයි. මෙලෙසම ලුවිස් කැරොල්, වර්ජිනියා වුල්ෆ් යන ලෝක ප්‍රකට කාන්තාවන්ගේ ද දිනපොත් ප්‍රකාශයට පත්ව තිබේ.
ශ්‍රි ලංකාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙකුගේ බිරිඳ වීමෙන් නොසැහුණු අතිශය නිර්මාණශිලී කාන්තාවකගේ දින සටහන් ‘ළඟදීම තිරගත
නොවේ.කෘතියෙහි අන්තර්ගත වේ. එය අතිශය නිර්ව්‍යාජ ද,හෘදයංගම ද, රසාලිප්ත ද වේ.
-සමුද්‍ර වෙත්තසිංහ
Out of stock






Reviews
There are no reviews yet.