Keheli.lk

10% OFF

Arthika ghathakayakuge papochcharanaya – ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය

රු1,962.00

මෙම කෘතියේ දැක්වෙන්නේ ආර්ථික ඝාතකයකුගේ භූමිකාව ඉටු කළ පුද්ගලයකුගේ ස්වයං-පාපොච්චාරණයකි. කතුවරයාට(පර්කින්ස්) අනුව “ආර්ථික ඝාතකයින් යනු තුන්වන ලෝකයේ රටවල් රවටා ඩොලර් ට්‍රිලියන ගණනින් වංචා කරන ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් පිර්සකි. කතුවරයාට අනුව මෙම කෘතිය ඔවුන් විසින් කරනු ලබන සමාව දිය නොහැකි නිර්දය ක්‍රියා ඇතුළත් අපරාධ පිළිබඳ තොරතුරු හෙළි කරන්නකි.
70 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ආයතනික අධිකාර්වාදය මගින් ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ වෙනත් විදේශ “ආධාර” සපයන සංවිධානවලින් සංවර්ධනය සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන හරහා තුන්වන ලෝකයේ රටවල් මත දැවැන්ත ණය බරක් පටවමින් එම රටවල් ධනවාදී දේශපාලන අර්ථ ක්‍රමයේ නිර්දය ග්‍රහණයට හසු කර ගන්නා ආකාරය සහ අනතුරව 2000 දශකයේ මුල් කාලයේදී චීනය ආර්ථික ඝාතක ක්‍රියාවලියට පිසීමෙන් පසු එම ක්‍රියාවලිය නව සහ වඩාත් බිහිසුණු ස්වරූපවලින් ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ පුළුල් ග්‍රහයක් මෙම කෘතියේ ඇතුළත් වේ. එමගින් ගෝලීය දේශපාලන ආර්ථික ක්‍රියාවලිය තුළ සිදුවන මතු පිටින් පැහැදිලිව දැක ගත නොහැකි, තිරය පිටුපස ක්‍රියාත්මක වන ලොමු දැහැගැන්වෙන චිත්‍රය සහ තුන්වන ලෝකයේ බොහෝ රටවල් (ශ්‍රී ලංකාව ඇතුළු) ආපසු ගෙවීමට නොහැකි දැවැන්ත ණය අර්බුදයක පැටලී සිටින ආකාරය මැනවින් විස්තර කර තිබේ.
පාපොච්චාරණයට අමතරව “ආර්ථික ඝාතක උපාය මාර්ගය අවසන් කිරීමට කාලය පැම්ණ තිඛෙන බවත්, එය සදහටම තුරන් කළ යුතු බවත් අවධාරණය කරමින් වඩා අර්ථවත් සාධාරණ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඔහු මෙම කෘතියෙන් පැහැදිලි කරයි. ඒ අනුව මෙම කෘතිය පාපොච්චාරණයක සීමාව ඉක්ම වූ තිරසාර දේශපාලන ආර්ථික ක්‍රමයක් පිළිබඳ ඉදිරි දැක්මක් සහිත නිර්මාණත්මක අධ්‍යාශයක් ලෙස ද හැඳින්විය හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Arthika ghathakayakuge papochcharanaya – ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat