Styles walauwe abirahas siddiya-ස්ටයිල්ස් වලව්වේ අබිරහස් සිද්ධ්(Agatha christie)
රු720.00
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජිණ ලෙසය.ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්, විවිධ භාෂාවලට පරිවර්තනය කරනු ලැබූ අතර බයිබලය හා ශේක්ස්පියර් හැරුණුවිට මෙතෙක් වඩාත්ම ප්රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80 ක් ද නාට්‍ය 19 ක් ද මේරී වෙස්මකොට් නම් වූ අන්වර්ථ නමයෙන් ලියැවුණු තවත් නවකතා 6 කද කතුවරිය ඇයයි.
ස්ටයිල්ස් වලව්වේ අබිරහස් සිද්ධිය අගතා ක්‍රිස්ටිගේ සුප්‍රකට හර්කියුලී පොයිරෝ රහස් පරීක්ෂකයාගේ වික්‍රමයක් පිළිබඳ කතාවකි. ඉඩම් හිමි ධනවත් කාන්තාවක් වන ඉන්ගල්තොර්ප් මහත්මිය හදිස්සියේම විෂ ශරීරගතවී මිය යයි. ඇය අවට සිටි අයගෙන් ඇයට වසදුන්නේ කවුදැයි පොලීසියට පවා සොයාගත නොහැකි වුවත් පොයිරෝ තම තීක්ෂණ බුද්ධිය මෙහෙයවා මිනීමරුවා අල්ලා ගනී. මුල සිට අග දක්වා කුතුහලයෙන් පිරී රහස් පරීක්ෂක නවකතාවකි.









Reviews
There are no reviews yet.